Open Webmail පාඩම් මාලාව (Tutorials) >> ප්‍රවේශය (Login)

Webmail තුළට ප්‍රවේශ වීම සඳහා,Internet Explorer වැනි වෙබ් බ්‍රව්සර් කවුළුවක් විවෘත කරන්න පසුව අදාල ( URL ලිපිනය ) ලිපින තීරුව තුළ ටයිප් කරන්න. උදාහරණයක් ලෙස, ඔබගේ වෙබ් අඩවි ලිපිනය www.yourdomain.com නම් , ඔබගේ වෙබ්මේල් ප්‍රවේශය www.yourdomain.com/webmail හෝ www.yourdomain.com/openwebmail වනු ඇත. කෙසේවුවද, මෙය සෑම විටම එසේ නොවීමටද පුළුවන එබැවන් ඔබගේ වෙබ්මේල් ප්‍රවේශය සායාගත නොහැකිනම් කරුණාකර පද්ධති පරිපාලකගේ සහාය ලබාගන්න.

(උදාහරණ: http://www.pdcweb.net/webmail හෝ http://www.pdcweb.net/openwebmail)

වෙබ්මේල් ප්‍රවේශය සොයාගත් විගසම, ඔබට පහත කවුළුව හෝ ඊට සමාන වූවක් ලැබෙනු ඇත:

ඔබගේ පරිශීලක නාමය (User Name) (හෝ ID) UserID: අසලින් ඇති කොටුවේ ඇතුලත් කර, පසුව රහස්පදය Password: අසලින් ඇති කොටුවේ ඇතුලත් කරන්න.

සටහන: ඔබගේ පරිශීලක නාමය ඊ-මේල් ලිපිනයට සමාන නොවීමටද පුළුවන. ඔබ පරිශීලක නාමය නොදන්නේ නම්, කරුණාකර පද්ධති පරිපාලකගේ සහාය ලබාගන්න.

On the PDCweb Network your e-mail address, username, and aliases are all valid UserID's.

Example:

Domain:www.muppetlabs.com
ඊ-මේල්:bunson@muppetlabs.com
පරිශීලක හැඳුනුම (UserID)bhoneydew
රහස්පදය (Password):Burner

මෙම පරිශීලකට bunson හෝ bhoneydew භාවිතා කර වෙබ් මේල් පද්ධතිය තුළට ප්‍රවේශ විය හැකිය.

ඔබ කැමති නම්, "remember my UserID" අසල ඇති කොටුව සළකුණු කිරීමෙන්, ඔබ ඊළඟ වතාවේ ප්‍රවේශයේදී ඔබගේ හැඳුනුම (UserID) ස්වයංක්‍රීයව එහි ඇතුලත්ව තිබීමට සැලසිය හැකිය. එවිට ඔබ ඇතුළු කළ යුතු වන්නේ රහස්පදය පමණි.

මෙම ක්ෂේත්‍රයන් දෙකම ලබාදීමෙන් පසුව, "Login" මත ක්ලික් කරන්න, නොඑසේනම් යතුරුපුවරුවේ "Enter" යතුර තද කරන්න. ඔබ නිවැරදිව පරිශීලක හැඳුනුම සහ රහස්පදය ලබාදුන්නේ නම්, ඔබම ඔබගේ ලදලිපි (Inbox) වෙතට යොමු කරවනු ඇත.

එය ඔබගේ පළමු වෙබ් මේල් ප්‍රවේශය නම්, ඔබව ඔබගේ සැකසුම් වින්‍යාසකිරීම වෙත රැගෙන යනු ඇත. කරුණාකර මූලික සැකසුම් වින්‍යාස කිරීම (Basic Settings Configuration)බලන්න. ඔබ මේ වනවිටත් මූලික සැකසුම් වින්‍යාස කර ඇත්නම් මෙම පියවර අතහැර ඔබගේ ලදලිපි භාවිතය (Using Your Inbox) වෙත යන්න .

 
මූලික සැකසුම් වින්‍යාස කිරීම >>
 
Webmail- උදව් පිළිබඳව